අපගේ දැක්ම

"හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව සඳහා විශීෂ්ඨ හා කාර්යක්ෂම සේවයක් සැපයීම"

 

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"

 

 ඉතිහාසය

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1970 දී පිහිටුවන ලදී. කාර්ය මණ්ඩලයට ලිපිකරුවන් අට දෙනෙකු සහ සහකාර රජයේ නියෝජිතයෙකු ඇතුළත් විය.

 

පිහිටීම

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 19 කින් සැදුම්ලත් අතර ඉන් ග්‍රාම නිලධාරි වසම් 97 කින් යුතු වු විශාලතම  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරන විට කිලෝමිටර් 12ක් පමණ පසු වු කල්හි බටහිරින් ඉන්දියන් සාගරය මායිම් කරගත් වර්ග කිලෝමිටර් 65ක් පමණ  රට අභ්‍යන්තරයට විහිදුනු භුමිය හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය නමින් නම් ලදි.

වෙරළ කලාපය දිගින් කිලෝමිටර් 24 ක දුර ප්‍රමාණයකින් විහිදි ඇති අතර රට අභ්‍යන්තරයට උතුරු කොටසින් කිලෝමිටර් 4 ක විහිදි ඇති දකුණු කොටසේදි කිලෝමිටර් 4.8 පමණ භුගෝලීය වපසරියක විහිදි ඇති අප හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය නැගෙනහිර දේශාංශ 80 - 3 හා 80 -10 අතර ද උතුරු අක්ෂාංශ 6 -3 හා 6 -14 අතර ද පිහිටා ඇත.

හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන මායිම් වන්නේ උතුරු දෙසින් අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයත් නැගෙනහිර දෙසින් බද්දේගම හා ගෝනාපීනුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්ගෙන්ද ගිණිකොන දෙසින් කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද බටහිර දෙසින් ඉන්දියන් සාගරයෙන්ද වේ. ගිංතොට පාලම සිට ඌරවත්ත පාලම දක්වා වු භූමි ප්‍රදේශය හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මායිම් ලෙස තව දුරටත් සරලව හැදින්විය හැකිය.

හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය භූමි ප්‍රමණය හෙක්ටයාර  6511ක්  වන අතර වර්ග කිලෝමිටර් ප්‍රමාණය 65 කි.එය ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 4% කි. ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 19  අතරින් විශාලත්වයෙන් 12 වන ස්ථානය ගනී.

IMG 20251024 091721 resized 20251024 092009481

Scroll To Top